
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩුබායි රාජ්‍යයෙහි සිටින ශ්‍රී ලංකික අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 30 දෙනකු අත්අඩංගුවට ගැනිම සදහා කටයුතු කරන බවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ප්‍රකාශ කිරිමත් සමග එහි සිටින ඇතැම් අපරාධකරුවන් එම රටින් පිටමන්ව වෙනත් රටවලට පළායෑමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වේ.
ඩුබායි රාජ්‍යයේ සිටිමින් මෙම අපරාධකරුවන් විවිධ රටවල පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන අතර, එලෙස සමීප සබඳතා පවත්වන රටවලට ද මොවුන් පළායෑමට උත්සහ කරන බවත්, තාවකාලික කෙටි කාලයක් සදහා එලෙස පළායෑමට සූදානම් වන බවටත් තොරතුරු දැනගැනීමට ඇත.
ඒ අනුව ඉන්දියාව, පාකිස්ථානය සහ අෆ්ගනිස්තානය වැනි රටවලට පිටව ගෝස් කෙටි කාලයකට සැඟව සිටීමට උත්සහ කරන බව ද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart