
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසලට රැගෙන ගොස් පහරදී මරා සිරුර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දැමූ බව කියන පුද්ගලයකු අද (14) සැකපිට අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හාලිඇල රොසට්වත්තේ විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක තරුණයකු යැයි පොලිසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මඩොල්සිම බටාවත්ත ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රබොස් දයාලන් (34) නැමති එක්දරු පියෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.
හාලිඇල රොසට්වත්තේ පදිංචි ඝාතනයට ලක්වූ තරුණයා මඩොල්සිම බටාවත්තේ පදිංචි සැකකරු ගේ ත්‍රීරෝද රථය රුපියල් 3,50000ක මුදල් ගෙවා රුපියල් 13000 බැගින් වාරික 36කින් ලිසිං ගෙවීමේ ක්‍රමයට මෑතදී මිළදී ගෙන ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු හාලිඇල ක්වින්ස්ටවුන් වත්තේ කාන්තාවක සමඟ විවාහ වී ඇති බවත් මොවුන්ට එක් කුඩා දරුවෙකු සිටින අතර , සැකකරුගේ බිරිද දරුවෙකු ප්‍රසූත කිරිමට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටින බවත් පොලිසිය සඳහන් කරයි.
මොහු මඩොල්සිම බටාවත්තේ නතර වී එහි කම්කරු රැකියාවක නිරතව සිට ඇති අතර , ආර්ථික අපහසුතාව හේතුවෙන් මොහු එම වත්තේ පදිංචි මිතුරෙකු සමඟ එක්වී මැණික් ගල් කීපයක් සහ රන්භාණ්ඩ විකිණීමට යාමට ඇති බවට හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරුට කතාකර, ඔහු ඉකුත් 30 වන දින රාත්‍රි මඩොල්සිම නගරයට ගෙන්වාගෙන ඇති බවත්, මඩොල්සිම නගරයේ ඉන්ධන පිරවුම්හල අසල දී සැකකරු සහ ඔහුගේ මිතුරා මෙම ත්‍රීරෝද රථය ට ගොඩ වී තිබෙන බවත් පොලිසිය පවසයි.
පසුව සැකකරු පුංචිලෝකාන්තයට යන මාර්ගය අසල කැලෑවේ රන්භාණ්ඩ සහ මැණික් ගල් කීපයක් විකිණීමට සූදානම් කර සඟවා තිබෙන බව පවසා ත්‍රීරෝද රථ රියදුරු මඩොල්සිම පුංචිලෝකාන්තය අසලට පමණ රැගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart