
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට (PHI) ලඟාවිය නොහැකි උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම සහ හඳුනාගැනීම සඳහා ඩ්‍රෝන කැමරා භාවිත කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කර ඇත.
ඊයේ(20) එවැනි ගොඩනැගිලිවල මදුරුවන් බෝවිය හැකි, පල්වෙන ජලය මත මෙම ඩ්‍රෝන යානා යොදා ගනිමින් බීටීඅයි කැට සහිත රසායනික ද්‍රව්‍ය ද ඉසීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
බස්නාහිර පළාත් කීට විද්‍යාඥ අයේෂා සරත්චන්ද්‍ර පවසන්නේ ජලය භෞතිකව ඉවත් කළ නොහැකි ස්ථානවලට මෙම කෘමිනාශක ඉසින බවයි.
මෙම රසායන ද්‍රව්‍ය යෙදීමෙන් පසු මදුරු කීටයන් විනාශ වී යන බවත් එම ස්ථානවලට මදුරුවන් නැවත පැමිණ බිත්තර දමන්නේ නැති බවද ඇය පෙන්වාදෙයි.
දැනට රට තුළ පවතින ඩෙංගු අධි අවදානම් තත්ත්වය පහව යනතුරු මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකටම ඩ්‍රෝන යානා දෛනික පදනමින් ලබාදීමට සැලසුම් කර ඇත.
2023 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 35,419ක් වාර්තා වී තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 7,978 කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7,411ක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට රෝගීන් 2,121ක් වාර්තා වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart