
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊශ්‍රායලයේ, සිසේරියාවේ පිහිටි ඊශ්‍රායල් අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට එම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
ලෙබනනයේ සිට හිස්බුල්ලා සංවිධානය විසින් අද උදෑසන ඊශ්‍රායලය ඉලක්ක කර ඩ්‍රෝන යානා 03ක් ප්‍රහාර සඳහා ඊශ්‍රායල භූමිය වෙත යොමුකර තිබේ.
ඉන් දෙකක් සාර්ථකව බීම හෙළීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සමත්ව ඇත.
අනෙක් ඩ්‍රෝන යානය සිසේරියාවේ පිහිටි ඊශ්‍රායල් අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට පතිත වී ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හෝ ඔහුගේ බිරිද නිවසේ නොසිටි බව අනාවරණ වී ඇත.
ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කරමින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඊශ්‍රායල හමුදාව විසින් හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කිරීමෙන් අනතුරුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart