
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගැහැණු ළමයෙකුට අවශ්‍ය පරිදි ලිංගිකව එක්වීමේ වයස සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා රජය විසින් 2024 පෙබරවාරි 09 වන දින ගැසට් කරන ලද පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.
1995 වසරේ දණ්ඩ නීති සංග්‍රහයට සිදුකරන ලද සංශෝධනවලට අනුව වයස අවුරුදු 16ට අඩු දැරියක තම කැමැත්තෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වූවත් එය ස්ත්‍රී දූෂණයක් ලෙස සැළකේ.
අධිකරණ ඇමැතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයට යෝජිත සංශෝධන මගින් ලිංගික කැමැත්ත ලබාගැනීමේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට උත්සාහ කරන ලදී.
කෙසේ වෙතත්, අද (23) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැති රාජපක්ෂ කියාසිටියේ එම කෙටුම්පත ඉදිරියට ගෙන නොයන බවත්, එය පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ගන්නා බවත් තමන් නීතිපතිවරයාට දන්වා ඇති බවයි.
මෙම නව සංශෝධනයට පාර්ශව ගණනාවක විරෝධතා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart