
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ටෙලිකොම් හා එහි අනුබද්ධ ආයතන සහ සීමාසහිත නෙළුම් කුළුණ (Colombo Lotus Tower Management Company (Pvt.)) ඇතුළුව රජයට සම්බන්ධ ආයතන 12ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරා ඇත.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය (2334/07) මැයි 30 වැනි දින ජනාධිපතිවරයා නිකුත් කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ එහි අනුබද්ධ ආයතන, නෙළුම් කුළුණ, North Sea Ltd,ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, ගල්ඔය ප්ලාන්ටේෂන්, ජිතික ලුණු සමාගම, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව, පරන්තන් කෙමිකල් ලිමිටඩ්, BCC (පෞද්ගලික) සමාගම, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය සහ සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රේඩින් සමාගම මුදල් අමාත්‍යාංශය යටතට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart