
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ජනාධිපතිධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලොව ප්‍රකට සුපිරි අවන්හ ජාලයක සේවකයකු ලෙස කටයුතු කළ පුවත්ක් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එමය වාර්තා පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපතිවරයා ඊයේ පෙන්සිල්වේනියාවේ ප්‍රචාරක කටයුතුවල යෙදීසිටියදී මැක්ඩොනල්ඩ්ස් අවන්හල වෙත ගොස් එහි සේවකයකු ලෙස සැරසී පාරිභෝගිකයින්ට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පිළිගන්වා ඇති බවයි.
78 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සිය ඩිමොක්‍රටික් ප්‍රතිවාදිනිය වන කමලා හැරිස් සමඟ ඉදිරි වසර 04 සඳහා අමෙරිකාව භාරගැනීම වෙනුවෙන් ජනපති සටනට පිවිස සිටියි.
එවන් පසුබිමක් තුළ ට්‍රම්ප් ඊයේ ඔහුගේ සුපුරුදු ඇඳුම් විලාසිතාව වන සුදු කමිසයට සහ රතු ටයි පටියට උඩින් කළු-කහ ඒප්‍රොන් එකක් පැළඳ බැදපු අර්තාපල් අලෙවි කළ බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
ට්‍රම්ප් ෆිලඩෙල්ෆියා නගරයේ මැක්ඩොනල්ඩ්ස් අලෙවිසැලකදී drive-through කවුළුව හරහා ඔහුගේ ආධාරකරුවන් කිහිපදෙනෙකුට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ලබා දෙන අයුරු දැකගත හැකිවිය.
“මම මේ රැකියාවට කැමතියි,” ට්‍රම්ප් පැවසීය. “මම මෙතන ගොඩක් විනෝද වෙනවා.” යනුවෙන් ද ඔහු සඳහන් කරයි.
“මට හැමවිටම මැක්ඩොනල්ඩ්ස් හි වැඩ කිරීමට අවශ්‍ය වුණා” අනතුරුව ඔහු සිය නිල X ගිණුමේ පළ කරන ලද වීඩියෝවක පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart