
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩොනල්ඩ් ට්‍රම්ප් 2019 දී එක්සත් ජනපද ජනාධිපතිව සිටියදී තීරු ලිපි රචක ඊ ජීන් කැරොල්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 83.3ක වන්දි මුදලක් (පවුම් මිලියන 65 ක්) ගෙවිය යුතු බවට නිව්යෝර්ක් ජූරි සභාවක් තීරණය කර ඇත.
ට්‍රම්ප් මීට පෙරද කැරොල් අපකීර්තියට පත් කර ඇති අතර, 1990 ගණන් වලදී ඇයට ලිංගික අතවර කර ඇති බව චෝදනා එල්ලවී තිබේ.
මෙම සිවිල් නඩු විභාගයේදී ජූරි සභාව විසින් වන්දි හානි සඳහා ඩොලර් මිලියන 18.3 ක් සහ දඬුවම් හානි සඳහා ඩොලර් මිලියන 65 ක් ගෙවිය යුතු බවට තීන්දු කර ඇත.
තවදුරටත් කැරොල් සම්බන්ධයෙන් තවදුරටත් කතාකිරීම සිදුනොකළ යුතු බවටද ට්‍රම්ප්ට නියෝග කිරීමට ද අධිකරණය පියවර ගෙන ඇත.
සිකුරාදා පස්වරුවේ මෙම තීන්දුව ලබාදීමට පිරිමින් හත්දෙනකු සහ කාන්තාවන් දෙදෙනකුගෙන් යුත් ජූරි සභාවට පැය තුනකට අඩු කාලයක් ගතවිය.
කෙසේවෙතත් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart