
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය විසින් රටේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සිදුකළහොත්, එහිදී දේශීය ණයහිමියන් ආරක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාදායක සංශෝධනයක් අවශ්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.
රජය විසින් මේ සතියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් (DDR) ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.
විපක්ෂනායක කාර්යාලයේ පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළකළේය.
අත්‍යවශ්‍ය යැයි සැලකේ නම්, දේශීය ණය ප්‍රශස්තකරණයේ අවශ්‍යතාවය ගැන විපක්ෂය සමඟ සාකච්ඡා කරන බව ඔහු එහිදී ස්සන්දහන් කළේය.
රටපුරා සැළකිවයුතු අවධානයක් දිනාගෙන ඇති මෙම තීරණාත්මක ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු පැවැසීය.
රජයේ සැලැස්ම ලබන 28 වැනිදා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව ඉදිරි දින දෙක තුළ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී එය සාකච්ඡා කිරීමට නියමිතය.
එමෙන්ම පක්ෂ නායක රැස්වීම්වලදී මේ පිළිබඳ එකඟතාවකට පැමිණීමට නියමිතව ඇති අතර, සැලසුම විවාද කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සැසියක් ජූලි 01 සහ 02 සති අන්තයේ පැවැත්වීමට ද සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart