
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.66 ක් සහ විකුණුම් මිල රුපියල් 322.70 ක් ලෙසින් සටහන් වී තිබිණි.
මහ බැංකුව විනිමය අනුපාතික සටහනට අනුව 2022 අප්‍රේල් 04 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම විකුණුම් මිල මෙය වේ. එසේම 2023 මාර්තු 09 දින රුපියල් 307.36 ක් ලෙසින් ඩොලරයේ ගැනුම් මිල වාර්තා වූ අතර එය හැරුණු කොට 2022 අප්‍රේල් 06 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන අඩුම ගැනුම් මිල ද මෙය වනු ඇත.
එසේම අද එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 316.67 ක් ලෙසයි. මෙය 2022 අප්‍රේල් 20 දිනෙන් පසු වාර්තා වී ඇති අඩුම එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart