
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරකයන්ට පෙන්වීම සඳහා දිවියන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් සුනඛයන් ඇමක් ලෙස භාවිත කරන බවත්, එමඟින් ජාතික වනෝද්‍යානවල සංචාරක මගපෙන්වන්නන් සහ ජීප් රථ රියදුරන් ව්‍යාපාරයක නිරතවන බවත් වාර්තා වේ.
මේ ආකාරයට වන සතුන්ගේ ආහාර ලෙස සුනඛයන් භාවිත කිරීම අස්වාභාවික සහ සදාචාර විරෝධී බව සත්ව සුභසාධන සන්ධානය (AWC) ප්‍රකාශ කරයි.
ජාතික වනෝද්‍යානයක එලෙස සුනඛයකු ඇමක් ලෙස යොදාගෙන දිවියකුට ගොදුරු කරවන දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
මෙම වීඩියෝව ස්වභාවික වනජීවී අවස්ථාවක් නොව සෆාරි ජීප් රියදුරන් විසින් සංවිධානය කරන ලද සිදුවීමක් බව දැකගත හැකිය.
එහිදී දිවියා සුනඛයා අල්ලා ගන්නා අවස්ථාවේ එම ස්ථානයට සෆාරි ජීප් රථ කිහිපයක්ම කඩිනමින් පැමිණෙන ආකාරය දැකගත හැකිය.
එබැවින්, සතුන් සහ සොබාදහම යන දෙකම ආරක්ෂා කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම රජයට නිර්දේශ කරන බව සත්ව සුභසාධන සන්ධානය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart