
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත මාර්ග අනතුරු වලින් 30%කට ආසන්න ප්‍රමාණයකට බල්ලන් සම්බන්ධ වී ඇති බව Veterinary Association for Animal Catch Management පශු වෛද්‍ය සංගමයේ නිර්මාතෘ වෛද්‍ය චමිත් නානායක්කාර ප්‍රකාශ කර ඇත.
කොළඹදී පැවති ජනමාධ්‍ය හමුවක් අමතමින් ඔහු පවසා ඇත්තේ, මෙම තත්ත්වය ජාතික ආර්ථිකයට දැඩි බරක් වී ඇති බවයි.
බල්ලෙකු සපාකෑම හේතුවෙන් ජලභීතිකා එන්නත්කරණය සඳහා පමණක් රජයට වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් වැයකිරීමට සිදුව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.
මංමාවත්වල සිටින සුනඛයන් සංඛ්‍යාව මෙසේ ඉහළ යෑමට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියා සහ සමාජ වගකීමක් නොමැතිකම බව පෙන්වාදී ඇති වෛද්‍ය චමිත්, නිසි ලෙස කළමනාකරණය නොකළ කුණු කසළ මත, මෙම අතහැර දැමූ සතුන් යැපීම මෙම ගැටළුව තවත් උග්‍ර කර ඇති බවද ඔහු සදහන් කර තිබේ.
මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා නව නීතියක් හඳුන්වා දී ඇති බව වෛද්‍ය නානායක්කාර මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
නව නීති යටතේ හිමිකරුවකු සිටින සෑම බල්ලෙකුම අදාළ ප්‍රාදේශීය සභාවේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු අතර, හිමිකරුවන් හෝ භාරකරුවන් නොමැති වීදි සුනඛයන්ගේ සෘජු වගකීම ප්‍රාදේශීය බලධාරීන් වෙත පවරනු ලැබේ.
මෙම සතුන් එන්නත් කිරීම සහ වඳභාවයට පත්කිරීමේ පූර්ණ වගකීම රජය විසින් භාරගන්නා බවත්,එමගින් මාර්ගයේ සිටින කිසිදු සුනඛයකු අසරණ නොවන තත්ත්වයක් නිර්මාණය වන බවත් ඔහු අවධාරණය කර ඇත.
සත්ව සුභසාධනය සහ මහජන ආරක්ෂාව යන අංශ දෙකම එකිනෙක සමබර කරන සංකල්පයක් ලෙස ඔහු මෙම නව නීතිමය රාමුව හදුන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart