
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු කොරියාව නව නීතියක් සම්මත කර ඇති අතර, එමගින් 2027 වන විට සුනඛයන් ඝාතනය කිරීම සහ සුනඛයන් මස් සඳහා විකිණීම නතර කිරීම අරමුණු කර ගෙන ඇත.
බලු මස් කෑමේ සියවස් ගණනාවක් පැරණි පුරුද්ද අවසන් කිරීම මෙම නීතියේ අරමුණයි.
පසුගිය දශක කිහිපය තුළ බලු මස් රාත්‍රී භෝජන සංග්‍රහයන්හි ප්‍රසාදයට ලක් නොවීය.
විශේෂයෙන්ම තරුණ ප්‍රජාව ඉන් වැළකී සිටිති.
නව නීතියට අනුව, පරිභෝජනය සඳහා බල්ලන් ඇතිදැඩි කිරීම හෝ ඝාතනය කිරීම තහනම් කරනු ලබන අතර, බලු මස් බෙදාහැරීම හෝ විකිණීම තහනම් වේ.
එසේ සිදුකරන පුද්ගලයන්ව සිරගත කිරීමේ ප්‍රතිපාදන එහි ඇතුළත් වේ.
එලෙස මස් පිණිස සුනඛයන් මරණ පුද්ගලයන්ට වසර තුනක සිරදඬුවමක් නියම විය කළ හැකි අතර, මස් පිණිස බල්ලන් ඇති කරන හෝ බලු මස් විකුණන අයට උපරිම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් නියම කළ හැකිය.
කෙසේවෙතත්, බලු මස් ආහාරයට ගැනීම නව නිතිය යටතේ නීතිවිරෝධී නොවේ.
මෙම නව නිතිය මගින් අතරමැදි වසර තුනක කාලයක් සහිතව ක්‍රියාත්මක වන අතර, එමඟින් මස් මරන්නන්ට සහ ආපනශාලා හිමියන්ට විකල්ප රැකියා සහ ආදායම් මාර්ග සොයාගැනීමට කාලය ලබා දේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart