
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සම්බාහනයක් සඳහා බම්බලපිටිය – මහල් නිවාසයකට ගිය වෛද්‍යවරයකුට පිහි පෙන්වා නිරුවත් කර රුපියල් දස ලක්ෂයක් කොල්ලකා ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි.
මේ සිද්ධියට මුහුණ දී පැත්තේ හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරයෙකි.
මෙම වෛද්‍යවරයා සමාජ මාධ්‍යයෙන් හඳුනාගත් පුද්ගලයකු සමග සම්බන්ධ වී සම්බාහන කටයුත්තක් කරගැනීම සඳහා කතිකා කරගෙන ඇති බව විමර්ශන වල දී තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය පවසයි.
බම්බලපිටිය මහල් නිවාස සංකීර්ණයේ දී සැකකරුවන් සිවුදෙනකු වෛද්‍යවරයාට පිහි පෙන්වා බියගන්වා ඇඳුම් ගලවා නිරුවත් කර වීඩියෝගත කර ඇති බව කියති.
පසුව සැකකරුවන් එම වීඩියෝ සමාජ මාධ්‍ය මුදාහරින බව පවසමින් වෛද්‍යවරයාගේ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 10ක මුදලක් ඔන්ලයින් මාර්ගයෙන් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් වෛද්‍යවරයා පැයකට ආසන්න කාලයක් එම නිවෙසෙහි රඳවාගෙන සිට ඇතැයි ද පැවසේ බම්බලපිටිය පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart