
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෝබෝල්ට් නිධිය පවතින සාගර කලාපය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහද්වීපික කොමිසම (UNCLCS) වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ වාර්තාවේ අවසන් නිර්දේශ ලැබෙන තුරු ‘ඇෆනසි නිකිටින්’ මුහුදු කන්දේ ගවේෂණ කිරීම් අත්හිටුවන ලෙස අන්තර්ජාතික සාගර පතුල් අධිකාරියෙන් (ISBA) ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම කෝබෝල්ට් අඩංගු ෆර්මැංගනීස් කබොල සහිත නිධි සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා මුහුදට අයත් බැවින් එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ 76 වැනි වගන්තියට (UNCLOS) අනුව සාගර පතුල් අධිකාරිය වෙත මීට පෙර ශ්‍රී ලංකාව කරුණු ඉදිරිපත් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය එම නිවේදනයෙන් පවසයි.
මේ අනුව එක්සත් ජාතීන්ගේ මහාද්වීපික කොමිසම වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ කරුණුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා 2016 ඔක්තෝබර් මස එම කොමිසම උප කමිටුවක් පත්කර තිබේ.
එහෙත් ශ්‍රී ලංකාවට අයත් මෙම ‘නිකින්’ මුහුදු කන්ද ගැන ඉන්දියාවද ඉල්ලීමක් කර තිබෙන බැවින් ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහාද්වීපික කොමිසමේ කමිටු නිර්දේශ තවමත් නොලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ අනුව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඔස්සේ ඉදිරියේදී ගැටලූව විසඳාගත යුතුව ඇති බවත් එම අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම කොබෝල්ට් නිධිය පිළිබඳව ගවේෂණය කිරීමට ඉන්දියාවේ අදානි සමාගම සුදානම් වන බවට පසුගියදා ජනමාධ්‍ය වාර්තා පළවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart