
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ළමුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන බැවින් අධික උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ ගැටළු වැනි රෝග තත්ත්ව වලින් පෙළෙන්නේ නම් තම දරුවන් පාසල්වලට, පෞද්ගලික පන්තිවලට හෝ ළමා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයවන ලෙසට රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ට උපදෙස් දෙයි.
විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ, මේ වන විට වෛරසය පාසල්, පෞද්ගලික පන්ති සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල පැතිර යන බවයි.
යම් දරුවකු මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, වෛරසය ඉක්මනින් අනෙකුත් පවුලේ සාමාජිකයන් වෙතද පැතිර යා හැක.
එම දරුවන් නිවසේ තබාගෙන වෛද්‍යවරයෙකුගේ නිර්දේශ අනුව පැරසිටමෝල් මාත්‍රාව, දියර වර්ග සහ විවේකය ලබා දෙන ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
දරුවන්ට ශ්වසන අපහසුතා ඇති වේ නම්, ඔවුන් නියුමෝනියාවෙන් පීඩා විඳිය හැකි බැවින් ළඟම ඇති රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර කිරීම වඩා යහපත්වේ. එමනිසා, වෛරසය ආසාදනය වීම වැළැක්වීම වඩාත් හොඳය.
ඉන්ෆ්ලුවෙන්සා ආසාදිත පුද්ගලයින්ට වුවද, අනෙකුත් සාමාජිකයින් අතර පැතිරීම වැළැක්වීම සඳහා නිවසේදී මුහුණු ආවරණ පැළඳීම වඩා වැදගත්වේ.
වයිරසය ආසාදනයවීම වළක්වා ගැනීම සඳහා සෑම විටම දෑත් පිරිසිදු කරන ලෙසත්, නිතරම ඔබේ මුහුණ ස්පර්ශ නොකරන ලෙසත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart