
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෛද්‍යවරයකුගේ නිසි බෙහෙත් වට්ටෝරුවකින් තොරව කිසිදු ආකාරයක මනෝ ක්‍රියාකාරී ඖෂධයක් නිකුත් නොකරන ලෙස අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඖෂධවේදීන්ගෙන් ඉල්ලා සිටියි.
පොලිසිය විසින් දියත් කරන ලද යුක්තිය මෙහෙයුම මධ්‍යයේ හෙරොයින් සහ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) සහ ගංජා හිඟය හේතුවෙන් විනෝදාස්වාදය සඳහා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ආදේශකයක් ලෙස ඖෂධවලට යොමුවීමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි වාර්තා වේ.
විනෝදාස්වාදය සඳහා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට මනෝ ක්‍රියාකාරී ඖෂධ අලෙවි කරන ඔසුසල් ගණනාවක් ඉලක්ක කර ගනිමින් බලධාරීන් බස්නාහිර පළාතේ විශාල මෙහෙයුමක් දියත් කර ඇත.
මෙම පසුබිම යටතේ, ඖෂධ සම්බන්ධ ගැටලු නියාමනය කිරීමේ වගකීම ඇති රාජ්‍ය ආයතනයක් වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසන්නේ, අදාළ පාර්ලිමේන්තු කමිටු සහ අමාත්‍යංශ මේ වන විටත් මෙම කරුණ කෙරෙහි අවධානය යොමුකර ඇති අතර පවතින නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට සහ ඔසුසල්වලට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනටමත් උපදෙස් දී ඇති බවයි.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර ප්‍රකාශ කරන්නේ, ඇතැම් වෛද්‍යවරුන් අරමුණකින් තොරව මෙවැනි මනෝ ක්‍රියාකාරී ඖෂධ තම සමීපතමයන් වෙත නිකුත්කරන අතර එය වෘත්තීය ආචාර ධර්ම අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බවයි.
පවතින නීති රාමුව තුළ එවැනි විෂමාචාර වැළැක්වීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රතිපාදන ඇති බවත්, එබැවින් වඩාත් වැදගත් වන්නේ එම නීති ක්‍රියාත්මක කිරීම බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මනෝ ක්‍රියාකාරී ඖෂධ අලෙවිය නියාමනය කිරීම සම්බන්ධයෙන් වඩාත් අවධානයෙන් සිටින ලෙස ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙතින් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart