
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකුගේ දේශපාලන ප්‍රචාරක රැලිවලට සහභාගි වූ වතු කම්කරුවන් විශාල පිරිසකට රා බෝතල් බෙදාදීම මැතිවරණ නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
ප්‍රචාරක රැලිවලදී තම සේවකයන්ට නොමිලයේ රා බෝතල් ලබාදෙන බවට බලධාරීන්ගෙන් සහ වතුකරයේ හාම්පුතුන්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසයි.
මෙලෙස බෙදාහරින ලද රා ප්‍රමිතියෙන් බාල බවද අනාවරණය වී ඇති අතර, ඒවා වතු කම්කරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බව පැමිණිලිකරුවන් වැඩිදුරටත් පවසා තිබේ.
ඒවා පානය කිරීමෙන් අනතුරුව පසුදින සේවයට වාර්තා කරන සේවකයන්ගේ පැමිණීම අඩු බවද දැනගන්නට තිබේ.
මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර මත්පැන් බෙදාහැරීම මැතිවරණ නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් මෙන්ම දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත උල්ලංඝනය කිරීමක් බවද ගජනායක සඳහන් කරයි.
IRES විධායක අධ්‍යක්ෂ වැඩිදුරටත් පැවසුවේ මෙම සිදුවීම් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා කිරීමට දැනටමත් කටයුතු කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart