
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට පටහැණිව ආණ්ඩුවට සහාය ලබාදී ඇමැති සහ රාජ්‍ය ඇමතිධූර ලබාගත් මන්ත්‍රීවරු හයදෙනාට එරෙහිව මින් ඉදිරියට විනය ක්‍රියාමාර්ග නොගන්නා බව දන්වා පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලිපි යොමු කර තිබේ.
පසුගියදා පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය අනුමත කර ඇත.
වත්මන් ආණ්ඩුවේ ඇමැතිධූර භාරගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිට වසරකට පෙර පැවැසීය.
ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර පිළිවෙලින් වරාය, නාවික සහ ගුවන් සේවා ඇමැතිවරයා ලෙසත් කෘෂිකර්ම, වන සම්පත් සහ වනජීවී ඇමැතිවරයා ලෙසත් දිවුරුම් දුන්හ.
ඊට අමතරව චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න ඇතුළු තවත් මන්ත්‍රීවරු කිහිපදෙනකුද ආණ්ඩුවේ ඇමැතිධුර ලබාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart