
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකුට තිදෙනකු කඩුවකින් පහරදී එක් ලක්ෂ හැට දහසක් වටිනා දේපොළ පැහැරගෙන ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
පහරදීමෙන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයාගේ අතකට තුවාල වී ඇත.
කෑගල්ල හිරිවඩුන්න ප්‍රදේශයේ හෝටල් හිමි ව්‍යාපාරිකයකු වන මෙම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයාට පහරදුන් සැකකරුවන් මුදලින් රුපියල් එකොළොස් දහසක්, ජංගම දුරකතන දෙකක්, පරිගණකයක් සහ හාඩ් ඩිස්ක් එකක් පැහැරගෙන ගොස් ඇතැයි කියති.
මෙම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයාට අයත් කෑගල්ල හිරිවඩුන්න ප්‍රදේශයේ හෝටලයක ස්පා ආයතනයක් දමන බවට කාන්තාවකට පොරොන්දු වී ඇය සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බවත්, අනියම් සම්බන්ධතාව නවතා දැමීම හේතුවෙන් කෝපයට පත් කාන්තාව ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයාට බැනවැදී තර්ජනය කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
කාන්තාවගේ මෙහෙයවීම මත මෙම පහරදීම හා දේපොළ කොල්ලකෑම කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart