
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබදව තමන් ගෙන ඇති තීරණයේ වෙනසක් නොමැති බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පැවසීය.
ඒ, ගාල්ලේදි පැවති පළමු ටෙස්ට් තරගය පරාජය වීමෙන් අනතුරුව පැවති ජනමාධ්‍ය හමුවෙිදි අදහස් දක්වමිනි.
අයර්ලන්තය සමග පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසු ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වන බව මීට පෙර දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වෙතත්, ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීම අනුව ඔහු තවදුරටත් නායකත්වයේ සිටිමට තීරණය කළ බව අද පැවති ජනමාධ්‍ය හමුවේදී ඔහු කියාසිටියේය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් දිමුත් පෙන්වාදුන්නේ, මෙම තරගාවලියෙන් පසු ටෙස්ට් නායකත්වයෙන් ඉවත්ව සිය පිතිකරණය පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වීමට තමන් අපේක්ෂා කරන බවය.
ඒ අනුව, ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයට මෙම තරගාවලියෙන් පසුව හෝ නව නායකයෙක් පත් කරන ලෙස තේරීම් කමිටුවෙන් ඉල්ලා සිටින බවද දිමුත් කරුණාරත්න වැඩිදුරටත් එහිදී කියා සිටියේය.
2019 වසරේ පෙබරවාරියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය භාරගත් දිමුත් කරුණාරත්න, මේ වන විට ටෙස්ට් තරග 29කට නායකත්වය ලබාදී, ඉන් තරග 12ක් ජයග්‍රහණය කරා ශ්‍රී ලංකාව මෙහෙයවා තිබේ.
තරග 06ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර, තරග 10ක් දිමුත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇත.
මේ අතර දිමුත්ගෙන් පසු බොහෝදුරට ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාට හෝ කුසල් මෙන්ඩිස්ට ලැබෙනු ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart