
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මව්බිම ජනතා පක්ෂය නව පක්ෂයක් වුවද පැරණි පක්ෂ සමග කරට කර තරග කිරීමට ඕනෑම මොහොතක සූදානම් බව එම පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවැසීය.
බොරැල්ල එම පක්ෂ කාර්යාලයේ ඊයේ (09) පැවැත්වූ පළමු ජනමාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කළේ අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවලංගු වී ඇති බවය.
“මව්බිම ජනතා පක්ෂය බිහි වුණේ ලංකාවේ ඇති වුන ඒ දේශපාලනික රික්තය පිරවීම සදහා. අපේ පක්ෂය බිහි වන විට ලංකාවේ ඡන්දදායකයන් ඉතාම වික්ෂිප්ත තත්ත්වයකට පත්වෙලා හිටියේ. පක්ෂ අලුතින් බිහි වන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි ඊට වඩා තර්කානුකුල, විද්‍යාත්මක සහ ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමගයි මේ පක්ෂය බිහි කළේ. සාම්ප්‍රදායික දේශපාලන වේදිකාවේ ඇසෙන සියලු සාම්ප්‍රදායික වචන, වාක්‍ය අපි ප්‍රතික්ෂේප කරමින් තමයි අපි ඉදිරියට යන්නේ. දැන් අපි ජනතාවට හොද විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති පක්ෂවල තිබුනේ අපි දැක්කා දරිද්‍රතාවය නැති කිරීමට කටයුතු කරනවා කියලා. හැබැයි ඒ සදහා වන ක්‍රමය නැහැ. ඒ නිසා අපේ පක්ෂය සංකල්ප මත පදනම් වූ පක්ෂයක්. මේ පක්ෂය හුදු අහම්බයක් නෙවේ. තීරණාත්මක අවස්ථාවක සංකල්ප මත දර්ශනයක් මත පදනම් වෙලා තමයි නිර්මාණය කළේ.
අද පොහොට්ටුව අවලංගු වෙලා. හැබැයි ජනතාවගේ අපේක්ෂාවන් අවලංගු නැහැ. ඒ නිසා මව්බිම ජනතා පක්ෂයේ පළමු කාර්යභාරය විය යුත්තේ හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනීසිටීම. ඒ වගේම හැටනව ලක්ෂයට අයිති නොවුණු රාජපක්ෂ සන්නාමය නිසා එවකට ඡන්දය ප්‍රකාශ නොකළ සියලුදෙනාත් අපි එකතුකර ගන්න ඕන. මොකද ඔවුන් රටට ආදරය කරන පුද්ගලයින්. අපි නව පක්ෂයක් වුණත් ඕනෑම පැරණි පක්ෂයක් සමග මුහුණ දීමට හෝ ඔවුන්ගෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් සදහා මුහුණ දීමට හැකියාවක් තියෙනවා.” යැයිද හෙතෙම කිවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart