
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුවේ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ඉකුත් දිනවල වාර්තා වූ ඇතැම් සිදුවීම් පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් අධිකරණයේ දැඩි අවධානයට යොමුකර තිබේ.
එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ, සිකුරාදා නඩු විභාගය අතරතුර අධිකරණ නියෝගයේ වීඩියෝවක් පටිගත කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවයි.
සැකකරු රනිල් වික්‍රමසිංහ අධිකරණය තුළ සිටින ඡායාරූප ද ලබාගෙන අන්තර්ජාලය වෙත මුදාහැර ඇති අතර ඒවා හුවමාරු වූ බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වාදී ඇත.
නියෝගය ලබා දුන් විගස සංවිධානාත්මක කණ්ඩායමක් පිටත සිටි ජනමාධ්‍යවේදීන් අමතමින් තීන්දුව ලබාදුන්නේ පැලවත්තෙන්, බව ප්‍රකාශ කළ බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය.
එවැනි ක්‍රියා අධිකරණයට අපහාස කිරීමක් බව ඔහු එහිදී අවධාරණය කළේය.
එමෙන්ම ඔහු අධිකරණයට දන්වා සිටියේ, සැකකරු රිමාන්ඩ් භාරයට පත්කරන බවට නඩු කටයුතු ආරම්භ කිරීමටත් පෙර යූ ටියුබ්කරුවකු විසින් ප්‍රකාශ කර තිබූ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියේය.
කිසිවෙකුට අපහාස කිරීමට හෝ අධිකරණයට අපකීර්තියක් ගෙන ඒමට ඉඩදිය නොහැකි බව පැවසූ දිලීප පීරිස්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනුරගේ කොන්ත්‍රාත්කරුවන් බවත්, මීළඟ නීතිපති වීමට අපේක්ෂා කරන්නන් ලෙසට ඇතැමුන් ප්‍රකාශ සිදුකර තිබූ බවත් මෙවැනි ප්‍රකාශ පිළිගත නොහැකි බවත් පැවසුවේය.
සැකකරු රිමාන්ඩ් භාරයේ පැයක්වත් ගත නොකළ බවත්, ඒ පිළිබඳව තීරණය කළ යුත්තේ මහේස්ත්‍රාත්වරයා බවත්, නිසි වෛද්‍ය මණ්ඩලයක් විසින් සැකකරු පරීක්ෂා කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අධිකරණයට ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart