July 14, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා රැගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරට ලක්වී තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ඔහු මතුගම ඊයේ පැවති සමගි ජන බලවේගයේ රැළියකට යමින් සිටියදීය.

අනතුරින් මන්ත්‍රීවරයාට තුවාල සිදු වී නොමැති බව වාර්තා විය.

කෙසේවෙතත් ඔහුගේ ලේකම්වරයා බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන් ගමන්ගත් වාහනය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සිට ඇති බව පොලීසිය සඳහන් කළේය.