
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විපක්ෂ නායකවරයා සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් හමුවූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නගන චෝදනාවලට මන්ත්‍රී රොෂාන් රණසිංහ පිළිතුරු ලබාදී තිබේ.
අද (නොවැ 28) පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රණසිංහ කියාසිටියේ ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් තමන් විපක්ෂ නායකවරයා සහ ඉන්දීය නියෝජිතයින් පිරිසක් හමුවූ බවට ජනාධිපති කාර්යාලයේ ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
“විපක්ෂ නායකතුමා මට සාකච්ඡාවකට ආරාධනා කළා. එහි පැමිණි පසු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් එහි සිටින බව මම දුටුවා. මෙම අර්බුදයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂාගේ නම නම් කරන බව එම රැස්වීමේදී විපක්ෂ නායකවරයා දැනුම් දුන්නා.”
ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හෙළි කළ පමණින් මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුවීම කණගාටුවට කරුණක් බවද හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.
ආණ්ඩුවට ඡන්දය දුන් ලක්ෂ 69ක ජනවරමෙන් තමන් තේරී පත් වූ නිසා, ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ලෙස තවදුරටත් කටයුතු කරන අතර, විපක්ෂයට නොයන බවටද රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා එහිදී සහතික විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart