July 17, 2024

සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබේ.

ඩයනා ගමගේ මෙම නඩුව ඉදිරියට ගෙන යෑමට අදහස් නොකරන බව පවසමින් ඇගේ නීතීඥයන් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර තිබේ.

පක්ෂයේ ඒකමතික තීරණයට පටහැනිව 2020 දී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු සමගි ජන බලවේගය ඇයව නෙරපා හරින ලදී.