
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් පෙරේරා අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව සිය වාර්තාව කථානායකවරයා වෙත භාරදී තිබේ.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවසුවේ, එම කමිටුව අවසන්වරට අද රැස්වූ අතර, ඉන් අනතුරුව එහි නිර්දේශ ඇතුළත් වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදුන් බවයි.
සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් පෙරේරා අතර පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ 2023 ඔක්තෝබර් 20 වන දින ගුටිබැට හුවමාරුවක් සිදුවිය.
මෙම සිද්ධියෙන් පසු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ විසින්, පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී තමන්ට පහරදුන් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරාට එරෙහිව වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart