
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය වසාදමා ඇත.
පසුගිය දින කිහිපයේදී මෙම ඒකකයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගීන් කිහිපදෙනකු මරණයට පත්වී ඇති අතර, එම තත්වය සැලකිල්ලට ගනිමින් මෙලෙස රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසාදැමීමට රෝහල් පරිපාලනය තීරණය කර තිබේ.
රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයෙන් පසුගිය මාසය ඇතුලත ප්‍රතිකාර ලබාගත් රෝගීන් 05 දෙනකු මරණයට පත්ව ඇතැයි රෝහල් වාර්තා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් පරීක්ෂණයක් පවත්වා ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය නැවත විවෘත කරන තෙක් ඉන් ප්‍රතිකාර ලබන රෝගීන් වෙනත් රෝහල්වලට යොමුකිරීමට තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart