
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩයලොග් ආසිආටා පීඑල්සී (Dialog), ආසිආටා බර්හාඩ් සමූහය (Axiata) සහ භාරතී එයාර්ටෙල් සමාගම (Bharti Airtel) ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ ගිවිසුමකට එළඹ තිබේ.
මේ යටතේ එයාර්ටෙල් ලංකා සමාගමේ සමස්ත කොටස් නිකුතුව ඩයලොග් සමාගම විසින් අත්පත් කරගනු ඇති අතර ඒ සඳහා, Dialog සමාගමේ කොටස් ප්‍රමාණයෙන් 10.355%ක ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් සමාගම වෙත සාමාන්‍ය කොටස් හරහා නිකුත් කිරීමට නියමිතය.
මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඩයලොග් සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය සහ කොළඹ කොටස් හුවමාරුවේ නිෂ්කාශන හා අනෙකුත් නියාමන ක්‍රියාවලීන්ද, කොටස් විකුණුම් ගිවිසුමෙහි සඳහන් නිශ්චිත කොන්දේසිද සැපිරිය යුතු වෙයි.
දිවයිනේ විදුලි සංදේශ ක්ෂේත්‍රයෙහි උන්නතිය වෙනුවෙන් ඇති ඉදිරි දැක්මට අනුකූලව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමාගම් අතර මෙම යෝජිත ඒකාබද්ධ කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.
සමාගම් මෙලෙස ඒකාබද්ධ කිරීමෙන්, පිරිවැය වාසි සැලසෙන අතර, විදුලි සංදේශ යටිතල පහසුකම් ඒකාබද්ධ කර වඩාත් ශක්තිමත් කිරීමට ද හැකි වනු ඇත.
“වෙළෙඳ පොළේ වත්මන් වෙනස්වීම්වලට අනුගත වෙමින් ඩයලොග් සහ එයාර්ටෙල් ලංකා අතර මෙම ඒකාබද්ධ කිරීම සිදු කෙරෙනවා. මෙමගින් ඩයලොග් ආසිආටා පීඑල්සී සහ ආසිආටා සමූහයේ කොටස් හිමියන්ට වැඩි ප්‍රතිලාභ ලබාදීමටත් හැකි වෙනවා. මෙලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳව, අපි එයාර්ටෙල් ලංකා සමාගමට හා කාර්ය මණ්ඩලයට අපගේ ඉහළම ගෞරවය පුද කරන අතර, ඉදිරියේදී උපරිම සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඒකාබද්ධ කිරීම පිළිබඳ අදහස් දක්වමින්ආසිආටා බර්හාඩ් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සූඩ් ප්‍රකාශකර ඇත.
ප්‍රමුඛ පෙළේ ටෙලිකොම් සමාගම් දෙකක ශක්තින් ඒකාබද්ධ වීම මගින් ශ්‍රී ලංකාවේ ටෙලිකොම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහ තිරසාරභාවයට මහත් රුකුලක් බවත් මෙමගින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට සහ ව්‍යවසායකයන්ට වඩාත් ඉහළ අත්දැකීමක් සහ නවෝත්පාදනයන් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඩයලොග් ආසිආටාහි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය පවසා තිබේ.
ශ්‍රී ලංකාව තුළ ඩයලොග් සමාගම සමගින් මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කිරීමට හැකිවීම සතුටට කාරණයක් බවත් මෙමගින් පාරිභෝගිකයන්ට වඩාත් ශක්තිමත් ජාලයක් මත අති නවීන සේවාවන් අත්විදීමට හැකි වන බවත් සීමාසහිත භාරතී එයාර්ටෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගෝපාල් විට්ටල් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart