June 26, 2025

ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල් ඔහුගේ නවතම චිත්‍රපටය වන ‘පේට්‍රියට්හි’ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

මේ ගමනේ විශේෂත්වයක් වුණේ, ධර්මයුද්ධය 2 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි සමග මෝහන්ලාල් සුහද හමුවකට එක්වීමයි

සැබවින්ම මෙය හුදෙක් හමුවීමකට වඩා එහා ගිය රටවල් 2ක සිනමාවේ දැවැන්තයින් දෙදෙනෙකුගේ හමුවීමකි.

‘Drishyam’ චිත්‍රපට මාලාවේ දෙවැනි සිංහල දිගහැරුම ලෙසින් එන ‘ධර්ම යුද්ධය 2’ සිනමා පටයේ රූගත කිරීම් සඳහා මෝහන්ලාල් බිමල් ජයකොඩි සහ ශ්‍රී ලංකා කණ්ඩායම සිය සුබපැතුම් එක්කර තිබිණි.

සිනමා රසිකයින්ට නැවුම් බලාපොරොත්තුවක් දෙමින් Drishyam 3 සිනමා පටයේ සියලු වැඩකටයුතු මේ වසර අවසන් වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් මෝහන්ලාල් පවසා සිටියේය.

කලාපීය සිනමාව සහ දේශසීමා මිත්‍රත්වය තුළ මෙය ඉතා වැදගත් හමුවීමක් ලෙස සැලකිය හැක.

ධර්ම යුද්ධය 2 රූගත කිරීම් අතරතුර, Drishyam මලයාලම් සිනමාපටයේ ප්‍රධාන රංගන ශිල්පී, ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල්ව මුණගැසීම සිය ජිවිතයේ ලද ඉහළ වටිනාකමක් බවත්, ඔහු නිරූපණය කළ චරිතයම නැවත ශ්‍රී ලාංකික රසිකයන් වෙනුවෙන් පණපොවන මොහොතක මෝහන්ලාල්ගේ සුබපැතීම එම ගමන්ට විශාල අත්වැළක් වූ බවත් බිමල් ජයකොඩි සඳහන් කර තිබිණි.