
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිකුත් කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම්හි ටෙස්ට් පිතිකරුවන් අතර ස්ථාන 15ක් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සමත්ව තිබේ.
ඒ අනුව, ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි ධනංජයට 14වැනි ස්ථානය හිමිවන අතර හිටපු නායක දිමුත් කරුණාරත්න එහි 07වැනි ස්ථානයේ රැදි සිටියි.
ප්‍රභාත් ජයසුරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර 08වැනි ස්ථානයේ පසුවෙයි.
කසුන් රාජිත එහි 38 වැනි ස්ථානයේ රැඳීසිටින්නේ ස්ථාන 06කින් ඉදිරියට පැමිණෙමින්ය.
බංග්ලාදේශය සමග අවසන්වූ පළමු ටෙස්ට් තරගයේදි දැක්වු දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart