September 15, 2025

ගලේවෙල ප්‍රදේශයේ දේවහුව ජලාශයේ දිය නෑමට ගිය කුඩා පිරිමි දරුවකු දියේ ගිළී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ගලේවෙල දේවහුව ප්‍රදේශයේ පදිංචිව සිටි 11 හැවිරිදි දරුවෙකි.

එම දරුවා තම පියා සහ ඥාතීන් සමඟ ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී දිය පහරකට හසුවී අතුරුදන්ව තිබේ.

පසුව දරුවාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා ජලයෙන් ගොඩගෙන ගලේවෙල රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.