
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලොතරැයිපත් හඳුන්වාදෙන බව එහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරංගල පවසයි.
“රටේ පාරිභෝගිකයන්ට නවමු අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලොතරැයිපත් හඳුන්වාදීම මණ්ඩලය විසින් ආරම්භ කර ඇත” යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අජිත් ගුණරත්න උපුටා දක්වමින් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිත්‍ය සහ අලුතින් හඳුන්වා දුන් විශේෂ ලොතරැයිපත් කාණ්ඩ දෙකෙහිම ත්‍යාග මුදල ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය යනු 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර හිමිකාර සමාගමකට පැවරිය යුතු රජය සතු ව්‍යවසායන්ගෙන් එකකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart