May 16, 2025

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඔහුට එරෙහිව එල්ල වී ඇති බලය අවභාවිතය ඇතුළු චෝදනා විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කළ විමර්ශන කමිටුව හමුවේ එළඹෙන 19 වැනිදා පෙනී සිටීමට නියමිතය.

එදින පස්වරු 2.00 ට ඔහුව එම කමිටුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

විමර්ශන කමිටුව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන, විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්.ලලිත් ඒකනායකගෙන් සමන්විතය.

මේ අතර, විමර්ශන කමිටුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉදිරි විමර්ශනවලට සහාය වීම සඳහා කණ්ඩායමක් නම්කර තිබේ.