
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාහන ධාවනයේදී සිදුකරන වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
ඊයේ (02) පස්වරුවේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදී ජනමාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන පොලිස්පතිවරයා මෙසේද පැවැසීය.
“මාර්ග රිය අනතුරු විශාල සංඛ්‍යාවක් සිද්ධවෙනවා. ඒක විශාල ගැටලුවක් වෙලා තියෙනවා. මේකට ප්‍රධානතම හේතුව තමයි මිනිස්සුන්ගේ අපරික්ෂාකාරි රිය පැදවීම. වැඩි දවසක් යන්න කලින් අකුසලතා පදනම මත රියදුරු බලපත්‍ර ලකුණු කැපීම සහ අවලංගු වීමේ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart