
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩතහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.
තම නීති නියෝජිතයන් හරහා ගොනුකර ඇති මෙම පෙත්සම මගින් මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් තමාට එරෙහිව නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබේ.
2023 දෙසැම්බර් 31 වැනි දින මාතර වැලිගම, පැලෑන ප්රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා මෑතකදී වරෙන්තුවක් නිකුත් කර තිබිණි.
මෙම පෙත්සම අද (10) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.
ඉන්පසු, පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි භාරදීමෙන් පසු මාර්තු 12 වන දින පෙත්සම තවදුරටත් සලකා බැලීමට දින නියම කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart