
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලන වශයෙන් බෙදී සිටින මන්ත්රීවරුන් තම හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ නම්වලින් මත්පැන් බලපත්ර ලබාගැනීමට පෙළඹී ඇත්තේ ඇතැම් අවස්ථාවල ඒවා රුපියල් මිලියන 50ක් වැනි විශාල මුදලකට විකිණීමට පමණක් බව අනාවරණය වේ.
රට තුළ නව සුරාසැල් 478ක් පිහිටුවීම සඳහා නව නිර්ණායකයක් යටතේ මත්පැන් බලපත්ර නිකුත් කිරීමේ ක්රියාවලිය රජය විසින් ආරම්භ කර ඇත.
රටේ සුරාසැල් විවෘත කිරීම සඳහා බලපත්ර නිකුත් කිරීමේදී සහ අනුමත කිරීමේදී අනුගමනය කර ඇති නිර්ණායක පිළිබඳව පාර්ලිමේන්තු ඉහළ කාරක සභාවක් විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග පවසයි.
එම මූලාශ්රවලට අනුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්රීවරුන් තම ඥාතීන්ගේ හෝ හිතවතුන්ගේ නම් යටතේ බලපත්ර ලබාගෙන විශාල මුදලකට විකිණීමට උත්සාහ කර ඇත.
දේශපාලන ක්ෂ්රේත්රය තුළ එය පුළුල් ලෙස සැලකෙන්නේ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට විවිධ පක්ෂවලින් ලබාදෙන ‘සන්තෝසම්’ ලෙස ය.
ඇතැම් අවස්ථාවලදී, ඔවුන් අඩු මුදලකටද එවැනි ගනුදෙනු පියවා ගන්නා බව ද මූලාශ්ර අනාවරණ කරයි.
නව නිර්ණායකය පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසන්නේ, වත්මන් රෙගුලාසිවල දක්වා ඇති පරිදි පාසල් සහ ආගමික සිද්ධස්ථාන අවට මීටර් 100 ක ප්රදේශය තුළ කිසිදු මත්පැන් අලෙවිසැලකට ඉඩ නොදෙන බවයි.
කෙසේවෙතත්, යෝජිත නිර්ණායක යටතේ මහ නගර සභා බල ප්රදේශවල විවෘත කිරීමට නියමිත මත්පැන් වෙළඳසැල් සඳහා රුපියල් මිලියන 15 බැගින් ද, නගර සභා බල ප්රදේශයේ රුපියල් මිලියන 12 .5 ක්ද, ප්රාදේශීය සභාවේ රුපියල් මිලියන 10 ක් ද එකවර ගෙවිය යුතුය.
ඊට අමතරව මහ නගර සභා බල ප්රදේශය තුළ රුපියල් ලක්ෂ 10ක් ද, නගර සභා බල ප්රදේශය තුළ රුපියල් ලක්ෂ 8ක් ද, ප්රාදේශීය සභා බල ප්රදේශය තුළ රුපියල් ලක්ෂ 6ක් ද වාර්ෂික ගාස්තුවක් වශයෙන් ගෙවිය යුතුය.
කිසිදු මන්ත්රීවරයකුගේ නමින් බලපත්රයක් නිකුත් කර නොමැති බවද අනාවරණය වේ.
එහෙත්, ඕනෑම කෙනෙකුට බලපත්ර මාරු කිරීමේ හැකියාව පවතින බව දෙපාර්තමේන්තුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart