
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය 19 වැනිදා සිට 24 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 15ක් ආවරණය කරමින් පවත්වන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් මගින් පරිශ්‍රයන් 128,824 ක් පරීක්ෂා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
පරීක්ෂා කරන ලද ස්ථාන අතර නිවාස 119,677 ක්ද, පාසල් 257 ක්ද, වෙනත් අධ්‍යාපන ආයතන 304 ක්ද, රජයේ කාර්යාල 789 ක්ද, පෞද්ගලික ආයතන 5,025 ක්ද, ඉදිකිරීම් ස්ථාන 700 ක්ද, කර්මාන්ත ශාලා 195 ක්ද, පොදු ස්ථාන 263 ක් සහ ආගමික ස්ථාන 514 ක්ද වේ.
මෙයින් පරිශ්‍ර 31,145 ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් 6,077ක ක්‍රියාකාරී මදුරු කීටයන් හමුව ඇත.
ඉන් ස්ථාන 3,916 කට රතු නිවේදන නිකුත් කරන ලද අතර ස්ථාන1,470 ක් සම්බන්ධයෙන් නඩු පැවරීමට පියවර ගෙන තිබේ.
සක්‍රීය නිරිතදිග මෝසම හේතුවෙන් ඩෙංගු අවදානම ඉහළයෑම නිසා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවම වශයෙන් සතියකට වරක්වත් සිය පරිශ්‍ර පරීක්ෂා කර පිරිසිදු කරන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එහි ප්‍රගතිය පවත්වාගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ විවිධ ස්වේච්ඡා සංවිධාන ද මේ වැඩපිළිවෙළ සඳහා සහයෝගය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart