June 19, 2023

ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්ෂාවීම සඳහා නිල ඇඳුමට යටින් සුදුසු ලා පැහැ දිග ඇඳුමක් ඇඳීමට බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට අවසර ලබා දී තිබේ.

ඒ අනුව, අද සිටම ඊට අවස්ථාව හිමිවී ඇත.

මෙය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු හෝ දෙමව්පියන්ට බරක් වන අයුරින් දරුවන්ට ඇඳුම් ඇඳීමට සැලැස්වීමට කටයුතු කිරීම කිසිඳු අයුරකින් සිදු නොවිය යුතු බව ද අධ්‍යාපන බලධාරීන් සඳහන් කර තිබේ.