
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජිත තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම ප්‍රමාදවීම පිළිබඳ කොළඹ වරාය නගර නිලධාරීන් කළකිරීම ප්‍රකාශ කර තිබේ.
අප්‍රේල් මාසයේදී එහි මෙහෙයුම් ආරම්භ කිරීමට මුලින් සැලසුම් කර තිබූ අතර, මූලික වශයෙන් අනපේක්ෂිත ව්‍යවස්ථාදායක බාධක හේතුවෙන් මෙම පහසුකම මහජනතාවට විවෘත කිරීම පිළිබඳ කාලරාමුව දැන් අවිනිශ්චිත වී තිබේ.
තීරුබදු රහිත එම වෙළඳ සංකීර්ණය මගින් දේශීය ව්‍යාපාරවලට සහ ශ්‍රී ලංකාවේ බදුකරණ රාමුවට ඇති විය හැකි බලපෑම පිළිබඳ අවධානය යොමුව තිබිණි.
CHEC Port City Colomboහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ ප්‍රකාශකර ඇත්තේ මෙම පහසුකම ඇතැම් දේශපානඥයන් සහ ව්‍යාපාරිකයන් දකින ආකාරයේ අයහපත් ප්‍රතිවිපාක ඇති නොකරන බවයි.
“අරමුණ වන්නේ වෙළඳපොළ පුළුල් කිරීම සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමයි. පෝට් සිටිහි පුළුල් අරමුණ වන්නේ ඇවීදීම වැඩිකර සමස්ත කොළඹ පරිසර පද්ධතියටම ප්‍රතිලාභ ලබා දීමයි, ” යනුවෙන් අලුවිහාරේ ප්‍රකාශ කර තිබේ.
දේශීය වෙළෙදපොළ ආරක්ෂා වීමටත්, දේශීය වෙළඳපොළට භාණ්ඩ කාන්දු නොවන බවට සහතික වීමටත් ප්‍රමාණවත් ලෙස ඵලදායී ආරක්ෂක වැටවල් ක්‍රියාත්මක වන බවත් ඔහු අවධාරණය කර ඇත.
“ඉලක්කය වන්නේ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සහ ශ්‍රී ලංකාව තුළ සාප්පු සවාරි ගමනාන්තයක් නිර්මාණය කිරීම. සාමාන්‍ය සංචාරකයන් දින හතේ සිට10 දක්වා රඳවා ගැනීම සහ කොළඹ නගරයේ දිනයක් ගත කිරීමට කටයුතු කරවීමයි,” අලුවිහාරේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
පවතින ප්‍රමාදයන් ආයෝජකයන්ට සෘණාත්මක පණිවිඩයක් යවන බව පෙන්වා දුන් ඔහු, ආයෝජක හිතකාමී ක්‍රියාවලීන්හි වැදගත්කම බලධාරීන් විසින් අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.
“ගෙවීම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන රටක් ලෙස අපි සෘජු විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය සක්‍රීයව සොයමින් ඉන්නේ. එමනිසා ශ්‍රී ලංකාවේ ආයෝජකයන්ගේ අත්දැකීම් ධනාත්මක බව සහතික කිරීම අත්‍යවශ්‍ය වනවා. තවදුරටත් ආයෝජන දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වනවා, ” යැයි තුල්සි අලුවිහාරේ ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart