
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස එකලස් කළ බව කියන ලැන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථයක් කැස්බෑව මාකන්දර ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සොයාගැනීම සිදුකර ඇත.
අදාළ ඩිෆෙන්ඩර් රථයේ චැසි අංකය ව්‍යාජව සලකුණු කර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
මීට අමතරව රථයේ එන්ජිම සහ අංක තහඩු ද ව්‍යාජ බව අනාවරණය වී ඇත.
අදාළ ඩිෆෙන්ඩර් රථය මීට අවුරුදු එක හමාරකට පමණ පෙර, මහරගම විහාරස්ථානයක හිමිනමක් විසින් එම ගරාජයට ගෙනවිත් දමා ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ භික්ෂුවට සහ තවත් පුද්ගලයකුට අද (02) දින ප්‍රකාශයක් ලබා දෙන්නැයි දැනුම් දී ඇතැයි, පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart