
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ දෙවැනි සහ තෙවැනි වාර සඳහා සකස් කරන ලද මොඩියුලවල කිසිදු වෙබ් සබැඳියක් ඇතුළත් නොකරන ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය නියෝගකර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශකර තිබේ.
අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කළේ මොඩියුලවල දැනට සඳහන් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මාර්ගගත මූලාශ්‍රවලට ගාස්තුවකින් තොරව ප්‍රවේශ වියහැකි අතර කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවන බවයි.
රජයේ වෙබ් අඩවි භාවිතය විනිවිදභාවය, වගවීම හෝ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිවලට අදාළ ගැටළු මතු නොකරන බව ඇය අවධාරණය කළාය.
අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකාය ඩිජිටල් භාවිතයට අදාළ ළමා ආරක්ෂණ අංශ පිළිබඳ අධ්‍යයනයක් සිදුකර ඇති බවත් ඊට අනුරූප ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශ මාලාවක් සකස්කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
අදාළ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ නියමිත වේලාවට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ඇය පැවසුවාය.
දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ආයතනයට කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙන බව ඇය තවදුරටත් අවධාරණය කළ අතර ප්‍රාථමික ශ්‍රේණියේ ගුරුවරුන්ගෙන් 92%කට ආසන්න සංඛ්‍යාවකට දැනටමත් අවශ්‍ය පුහුණුව ලබා දී ඇති බව සඳහන් කළාය.
කෙසේවෙතත්, රට පුරා පසුගිය සමයේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන්, ඇතැම් පළාත්වල සැලසුම් කළ පුහුණු වැඩසටහන් පැවැත්විය නොහැකි වූ බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
ඒ අනුව, 01 සහ 06 ශ්‍රේණි සඳහා පාසල් වාරය ආරම්භවීමට පෙර එම ගුරුවරුන් සඳහා පුහුණුව ලබාදීම සඳහා කටයුතු සම්පාදනය කිරීමට අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය.
මෙම අධ්‍යාපනික කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ජාලය භාවිත කිරීම අනිවාර්ය නොවන බවත්, එය ඉගෙනුම් ආධාරකයක් ලෙස පමණක් භාවිත කිරීමට ගුරුවරුන්ට අවස්ථාව ලබා දී ඇති බවත් ඇය තවදුරටත් පැහැදිලි කළාය.
නව මොඩියුලයට අදාළ සියලු තොරතුරු ගුරු මාර්ගෝපදේශයට ඇතුළත් කර ඇති බවත්, ගුරුවරුන්ට අන්තර්ජාලය පදනම් කරගත් යෙදුම් මත විශ්වාසය නොතබා පාඩම් පැවැත්වීමට හැකි වන බවත් ඇය තවදුරටත් පැහැදිලි කළාය.
අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ අනාගතයේදී පරිගණක පාදක යෙදුමක් හරහා ශිෂ්‍ය ඇගයීම් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.
මේ සම්බන්ධයෙන් පුහුණු වැඩසටහන් 2025 දී ක්‍රියාත්මක කළ බවත්, ඉදිරියේදී ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ඇය සහතික කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart