
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ණයහිමි රටවල නිල කමිටුව සහ ශ්‍රී ලංකාව අතර ප්‍රතිපත්තිමය එකඟතාවකට එළැඹි බව සඳහන් කරමින් පැරිස් සමාජය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ණයහිමි රටවල නිල කමිටුවේ සම සභාපතිත්වය ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය දරන අතර එහි සාමාජිකයෙක් ලෙස හංගේරියාව ද කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන ඔවුන් මෙරට රජය, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සම්බන්ධ තොරතුරු අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට IMF විධායක මණ්ඩලයට අවස්ථාව ලැබෙයි.
අනතුරුව ස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහනට අදාළ දෙවැනි වාරිකය නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart