November 27, 2025

නොවැම්බර් 17 වැනි දින සිට දිවයින පුරා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවත් පුද්ගලයන් 10 දෙනකු තුවාල ලබා ඇති අතර පුද්ගලයන් 14 දෙනකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

රට පුරා ඇති වූ අධික වර්ෂාව, ගංවතුර සහ තද සුළං හේතුවෙන් පුද්ගලයන් 4,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.