
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
1996 වර්ෂයේ සිදු වූ මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයකුට මරණ දණ්ඩනය නියම වී ඇති බවට වාර්තා වේ.
අම්බලන්ගොඩ දුම්රිය හරස් මාර්ගය අසලදී 1996 වසරේ මාර්තු 30 වැනිදා පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කළ බවට සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
මෙම මරණ දඬුවම නියම වී ඇත්තේ සිද්ධියෙන් වසර 28කට පමණ පසුවයි.
විත්තිකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු වන අතර, සිද්ධියට අදාළ නඩු තීන්දුව බලපිටිය මහාධිකරණය විසින් පසුගිය 19 වැනිදා ප්‍රකාශයට පත්කරන ලදී.
ඒ අනුව, විත්තිකරුට මරණ දඬුවම නියම කළ බව පොලිසිය පැවැසීය.
සැකකරු දැනට විදේශගතව සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart