
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයෙක් ප්‍රධාන පෙෙළ් F3 මෝටර් රථ ධාවන තරගාවලියකට සහභාගි වූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.
යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියර ලෙස ඉතාලියේ මොන්සා ධාවන පථයේ ඊයේ (19) පැවති මෙම තරගයට යොවාන් සහභාගි විය.
තවමත් 17 හැවිරිදි වියේ පසු වුවත්, සිය මංගල තරගයේදී පලපුරුදු ධාවකයින් සමග ධාවන පථයට පිවිසි යෙවාන් තරග ආරම්භයේ සිට දැක්වූ දක්ෂතා විස්තර විචාරකයින්ගේ ඇගයීමට පවා ලක්විය.
යෙවාන් එම තරගයේදී නියෝජනය කළේ ජර්මනියේ මොටෝපාර්ක් කණ්ඩායමයි.
මොන්සා ධාවන පථයේ වට 16ක් පැවති තරගය මිනිත්තු 30යි තත්පර 13කින් නිමකල යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගයේ 8වන අදියර ජයගත්තේය.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලැබූ ඉහළම ජයග්‍රහණ අතරට එක්විය.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart