
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විස්සයි20 ලෝක කුසලානය සඳහා සිඩ්නි නුවර සංචාරයක යෙදී සිටියදී, කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති නඩු විභාගයේදී, තම ඉරණම විසඳීම ජූරි සභාවට පැවරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම වසර මුලදී රජයේ අභිචෝදකයා විසින් ධනුෂ්කට එරෙහිව එල්ල කර තිබූ වෙනත් චෝදනා තුනක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු, කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ දීමේ එක් චෝදනාවකට පමණක් මුහුණ දී සිටී.
ඔහු අද(07) සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටි අතර, එහිදී ඔහුගේ නීතීඥයා විනිසුරුවරයා ඉදිරියේ පමණක් නඩු විභාගය සිදුකරන ලෙස ඉල්ලමින්, නඩු විභාගය ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටියේය.
2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්ක සිඩ්නි ඔපෙරා බාර් හිදී 29 හැවිරිදි කාන්තාවක් හමුවූ බවට පොලිසිය චෝදනා කරයි.
පසුව මෙම යුගලය නැවත සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට පැමිණි අතර, ගුණතිලක ඇයගේ ගෙල සිරකර කොන්ඩමයක් නොමැතිව දූෂණය කර ඇතැයි වැඩිදුරටත් චෝදනා එල්ලවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart