
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්‍රීයේ ආපසු හරවා යවා ඇති ලංකාදීපය වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා, ඔහු කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු ආපසු හරවා යවා තිබේ.
ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නමැති මොහු ඩුබායි බලා පිටත්ව යෑමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 08.35ට පැමිණ ඇත.
ඩෑන් ප්‍රියසාද් 2022 මැයි 09 දින කොළඹ ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයට පහරදීමේ නඩුවේ 06 වැනි විත්තිකරු ලෙස නම්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart