
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රංගන ශිල්පිනී දමිතා අබේරත්නට සහ ඇගේ සැමියාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත අද (24) ඇප හිමි වී තිබේ.
ඒ අනුව එම යුවළ රුපියල් ලක්ෂ 50 බැගින් වන ශරීර ඇප මත මුදා හැරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සහකරු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු අප්‍රේල් 04 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
අබේරත්න සහ ඇයගේ සැමියා මුදල් වංචාවකට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.
දකුණු කොරියාවේ රැකියා පොරොන්දුව මත මොවුන් විසින් රුපියල් මිලියන 3ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ අදාළ නඩුවේ සැකකරුවන් ලෙස දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා නම් කරන බවයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
කෙසේවෙතත් අද දිනයේ ඔවුන්ට ඇප හිමිවිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart