
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රතිසංස්කරණයෙන් පසු නව අලෝක පද්ධතියක් සහිතව දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඊයේ (05) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ඒ අනුව, LED අලෝක කුලුණු හයකින් සමන්විත ශ්‍රී ලංකාවේ ඇති එකම ක්‍රිකට් ක්‍රීඩාංගණය දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය බවට පත්විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් වැනි ජනප්‍රිය ලීග් තරගවලදි භාවිත කරන තාක්ෂණයෙන්ද දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අලෝක පද්ධතිය සමන්විත වේ.
ප්‍රතිසංස්කරණයෙන් පසු දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත.
එම තරගාවලිය ලබන 17,19 සහ 21 යන දිනවල පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart